පශ්චාත් සීමා වාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අද (08) ප්‍රකාශයට පත් කළා.
මේ අනුව මෙම වෛද්‍යවරු හෙට (09) සිට ලබන 11 වනදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්ථා කළ යුතුව ඇත.
මෙම නවක වෛද්‍යවරු සිය පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති අයුරු සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් විනිවිදභාවයකින්, විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටියා.








Leave a Reply