Loading...

උපාධි ගැන පළවන බොරු අවලාදවලට උත්තර 21 වනදා ලැබෙයි – නාමල් රාජපක්ෂ

තමන්ගේ උපාධිය සම්බන්ධව මේ වන විට පළවෙමින් ඇත්තේ පදනමක් රහිත බොරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මෙම කරුණ සම්බන්ධව වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත් කර ඇති B වාර්තාවක් මඟින් සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වය තුළ සිදුකරන අවලදයන්ට ප්‍රතිචාර 21 වනදා නුගේගොඩ රැලියේ දී රටටම දැකගත හැකි වනු ඇති බවයි.

”මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා.

අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා.

දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා  බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *