2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකාව කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙක් එක්වී මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇති පුවත පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මේ වන විට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ලිපියේ අන්තර්ගතය තම ආයතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
අදාළ පුවතෙහි වාර්තා කර ඇති පරිදි එවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද ක්‍රිකට් ආයතනය පවසනවා.
පුවත්පත සම්පුර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ ඔස්සේ පෙන්වා දී තිබෙනවා.
මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් තුලින් එහි නිලධාරීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ කීර්ති නාමයට අසාධාරණ ලෙස හානි සිදු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Leave a Reply