ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පසුගිය 03 වනදා ආරම්භ වූ අතර තවත් විශේෂ දිනයක් ලෙස ලබන 08 වනදා ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කෙසේ නමුත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු එළැඹෙන 14 වන දිනයේ ද සිදු කිරීමට නියමිතයි.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනාභාර ගැනීම අද (09) සිට ආරම්භ වනවා.
ඒ අනුව අද (09) සිට ලබන 12 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙනු ඇති.
Leave a Reply