ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සමමිත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්න තෙක් ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව තීන්දුවක් ලබා දෙන තෙක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මීට අදාළ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර තේරී පත්වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් අනතුරුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි.
එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබූ අතර එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බවද ඔහු කියා සිටිනවා.
තවද සංශෝධනය ජනමත විචාරයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බව පෙත්සම්කරු මෙහිදී පෙන්වා දී තිබෙනවා.
පෙත්සම්කරු සඳහන් කරන්නේ 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවයි.
මෙම වාතාවරණය තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සුදානම් වන බවට තමාට තොරතුරු ලැබී ඇති බව සඳහන් කර තිබෙනවා.
19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමෙන් තොරව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම නීතියට පටහැනි බවයි ඔහු මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාම තුළින් මැතිවරණ කොමිෂන් සභාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව පෙත්සම්කරු චෝදනා කරනවා.
මෙමඟින් මහජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
Leave a Reply