Loading...

ශ්‍රී ලංකාවට තවත් එක්දින තරඟාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (23) පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දහවල් කාලයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරඟය පන්දු ඕවර් 44කට සීමා කිරීමට තරඟ තීරකවරුන් තීරණය කළා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 36කදී අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 03ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මේ අනුව තරඟාවලියේ දී තවත් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන එක්දින තරඟය එළැඹෙන 26 වනදා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *