ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වුණු සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්ව ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අද (28) දිනයේ දී නැවත හමුවීමට ද නියමිත බවයි.
අවසන් වරට හමුවූ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකත්වය සහ ඉදිරියේ ගොඩනැගීමට නියමිත සන්ධානය සම්බන්ධව එම මහත්වරුන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එහෙත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව පිළිබඳ සාකච්ඡාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි බවද වාර්තා වනවා.
එම ආරංචි පෙන්වා දෙන්නේ පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින් ඉල්ලා සිටි බවයි.
Leave a Reply