රුපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබා ගෙන රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට පැවසෙන සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට ජාතික රුපවාහිනීය විසින් නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
එම සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.
අදාළ හිඟ මුදල ගෙවන ලෙස අවස්ථා කිහිපයකදී ඩයනා ගමගේ මහත්මියට දැනුම් දී තිබුණත් විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද ඒ මහතා සඳහන් කරනවා.
නවගමුව පෙරහැර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරිය එම විකාශනය ලබාගෙන ඇත්තේ ඒ සඳහා වැය වන සියළු මුදල් තමන්ගේ පෞද්ගලිකවම ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙමිනි.
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය ගැටළු හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 9 වනදා දැනුම් දුන්නා.
ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය ද අහෝසි වීමකට ලක්වුණා.
Leave a Reply