අයථා මුදල් ඉපැයීම පිළිබඳව අත්අඩංගුවට පත්ව සිටින මහා පරිමාණ ජාවාරම්කාරයෙකු ලෙස ප්රකට දෙමටගොඩ රුවන් නම් සැකකරුට ඇප ලබාදීමට අල්ලස් ලබාගත් පැමිණිල්ලේ සැකකරුවෙකුට ඇප ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබා ගත් බවට පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා නම් කර තිබෙනවා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම ඊයේ (03) මේ බව සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නැමැති සැකකරුවෙකු එහිදී අධිකරණයට ඉදිරිපත් කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම පැවසුවේ දෙමටගොඩ රුවන් නම් සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීම පිලිබද්නවා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
එවක නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස සිටි ආර්. දුමින්ද සිල්වා අනුදැනුම මත මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
ඊට අමතරව රුපියල් 100ක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුවෙකු මේ වන විට මියගොස් ඇති බවද වාර්තා වනවා.
මෙහිදී කරුණු සලකා බැලු ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුවෙකු ලෙස නම් කරන ආර්. දුමින්ද සිල්වා සම්බන්ධව විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළා.
මේ අනුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 13 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.








Leave a Reply