Loading...

බෝම්බ බියක් ගැන නිර්නාමික දුරකථන ඇමතුමක්

කොළඹ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණා.

ගල්කිස්ස මුලස්ථාන පොලීසිය පැවසුවේ එම ඇමතුමට අනුව අදාළ බසය නවතා පරික්ෂා කළ ද සැක කටයුතු කිසිවක් හමු නොවූ බවයි.

119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසියට මෙම තොරතුර ලැබී තිබුණා.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කටුබැද්ද මාර්ග බාධකය අසලදී අදාළ බස් රථය නවතා පුර්ණ පරික්ෂාවකට ලක් කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම පරීක්ෂාවෙන් කිසිඳු සැකකටයුතු දෙයක් සොයා ගැනීමට හැකිව නැහැ.

පොලීසිය පැවසුවේ මෙම බිය ගැන්වීම සඳහා සිදුකළ ක්‍රියාවක් ද නැතහොත් සැලසුමක් ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *