Loading...

පියුමි හංසමාලි ගිණුම් වාර්තා 19ක් වාර්තා කැඳවන්න අධිකරණයෙන් නියෝගයක්

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මඟින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපල උපයා ගත් ආකාරය සම්බන්ධව පියුමි හංසමාලි නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලීසියට මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

බැංකු වාර්තා කැඳවීමට මෙම නියෝගය ලබාදී ඇත්තේ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුවයි.

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරනු ලබනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විශුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශන සිදු කිරීමට නියමිතයි.

මේ අනුව රහස් පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලීසියට අවසර ලබාදෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *