ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ඌණ උපයෝජිත ඉඩම් හඳුනාගෙන ඒවා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුවයි.
මේ අනුව අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ ද අභිලාෂ ප්‍රකාශ කිරීම් මේ වන විට කැඳවා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ අනුව මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම් තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.
මෙම ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යටතේ වර්ග කර තිබෙනවා.
“ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර ඇරඹේ
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මගින් ඉදිරිපත් කළ ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන, ඒවා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් එහි දෙවන අදියර (Stage 2) නිල වශයෙන් ආරම්භ කර තිබේ. මේ යටතේ අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL) යන ආයතන සතු ඌන උපයෝජිත ඉඩම් හා දේපළ ප්රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් ද අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) දැනටමත් කැඳවා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ඇත.
ලබා දී ඇති ඉඩම් ලැයිස්තුවට අනුව ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යටතේ වර්ග කර තිබේ:
- 1 වන කාණ්ඩය (හෙක්ටයාර 100 ට වැඩි): කෘෂි සංචාරක කර්මාන්තය (Agricultural Tourism) සහ කුළුබඩු වගාවන් සඳහා වසර 30ක උපරිම බදු කාලසීමාවකට යටත්ව ලබාදෙන හගල, මිඩ්ලන්ඩ්, ඕපල්ගල, වෑවැසියන් වැනි විශාල වතු ඉඩම්.
- 2 වන කාණ්ඩය (හෙක්ටයාර 50 සිට 100 දක්වා): කෘෂි සංචාරක ව්‍යාපෘති සඳහා සුදුසු ගල්පිහිල්ල, කැල්ලෙබොක්ක, කොටගඟ, ගෝමර සහ හinput පාර්ක් වැනි වතු කොටස් (බදු කාලය වසර 30).
- 3 වන කාණ්ඩය (හෙක්ටයාර 20 සිට 50 දක්වා): රන්වන්තැන්න, විහාරගල, හන්තාන වැනි ප්‍රදේශවල වැවිලි ක්ෂේත්රය, සූර්ය පැනල බලශක්ති සහ සංචාරක ව්‍යාපෘති සඳහා වසර 20-30 කාලයකට ලබාදෙන ඉඩම්.
- 4 වන කාණ්ඩය (හෙක්ටයාර 20 ට අඩු): දෙල්තොට, ගලබොඩ, හන්තාන, කඳුළුඔය, ලෙවලන්, රොක්වුඩ්, රහතුන්ගොඩ සහ කොලපතන වැනි ප්‍රදේශවල පිහිටි සංචාරක හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා සුදුසු කුඩා ඉඩම් කොටස් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ.
- 5 වන කාණ්ඩය (බංගලා සහ කර්මාන්තශාලා): ඌන උපයෝජිතව පවතින තේ කර්මාන්තශාලා (කොටගඟ, හුන්නස්ගිරි, වෑවැසියන්, දංකන්ද, කඳුළුඔය, ගලබොඩ, රොක්වුඩ් ආදී) සහ බංගලා/නිල නිවාස සංචාරක කර්මාන්තය හෝ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර පවත්වාගෙන යාමට වසර 20-30ත් අතර කාලයකට බදු දීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සාමාන්‍ය පුද්ගලයින්ට හෝ ලංකාවේ පවතින ලිඛිත නීතියක් යටතේ ස්ථාපනය කර ඇති ඕනෑම නීතිමය පුද්ගලයෙකුට/ආයතනයකට මේ සඳහා අයදුම් කළ හැකිය.
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජූනි මස 30 වන දින පෙ.ව. 11.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ භාරදිය යුතුය.
- ලිපිනය: සභාපති, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වැනි මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II වන අදියර, බත්තරමුල්ල.
- වැඩිදුර තොරතුරු: www.plantation.gov.lk නිල වෙබ් අඩවියෙන් ඉඩම් ලැයිස්තුව, සුදුසුකම් සහ ඇගයීම් නිර්ණායක භාගත කරගත හැක. (දුරකථන: 0112186223 / විද්‍යුත් තැපෑල: mpeiunderutilizedland@gmail.com)
අදාළ ඉඩම/දේපළ නිරීක්ෂණය සඳහා අවසර දෙනු ලබන්නේ පෙර ලිඛිත අනුමැතියක් මත පමණක් බවත්, එවැනි අනුමැතියකින් තොරව පරිශ්‍රයට ඇතුළු වීමට අවසර දෙනු නොලැබෙන බවත්, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප වන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.”








Leave a Reply