වසර 13ට පසුව අගොස්තු මසදී අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පැවසුවේ මේ අනුව අගෝස්තු 19 වනදා සහ 20 වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අනුව දිවයින පුරා දිය මංකඩ 2500ක් ඉලක්ක කරමින් මෙම වන අලි සංගණනය සිදු කරන බවද එම අංශය සඳහන් කළා.
සංගණනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහු කාර්ය සංවර්ධන සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 7500ක් පමණ පිරිසක් යෙදවීමට නියමිතව තිබෙනවා.
සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදු කරන අතර අවසන් වරට එය සිදු කරනු ලැබුවේ 2011 වසරේදීයි.
අවසන් වරට සිදුකරනු ලැබූ අලි සංගණනයේ දී අලි 5800ක පමණ සිටි බවට වාර්තා වුණා.
Leave a Reply