Loading...

තැපෑල Fingerprint නැතිව හොර පාරෙන් OT ගෙවා ඇති බව විගණන වාර්තාවකින් හෙළිවෙයි

ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා.

එම වාර්තාවේ පෙන්වා දෙන්නේ ඊට අමතරව දිසා ගිණුම් කාර්යාල 14ක ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව ගිය වසරේ ජුනි මස දක්වා රුපියල් කෝටි 37කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇති බවයි.

තවද එම කාර්යාලය පාලක කාර්යාලයේ පාලක කාර්යාලයේ සේවකයන් හත් දෙනෙකුට ද ඇඟිලි සලකුණු නොමැතිව රුපියල් මිලියන 4කට වැඩි අතිකාල ගෙවා තිබූ බවද වාර්තා වනවා.

මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර තිබුණ ද ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව රාත්‍රී 7, 8, 9, 10 යන වේලාවල්වල රාජකාරී කළ බව සාවද්‍ය ලෙස දක්වා රුපියල් ලක්ෂ 70කට වැඩි අධිකාල දීමනා ගෙවා තිබූ බවත් එම අතිකාල දීමනා ගෙවීම්වල නිවැරදිතාවය මේ හේතුවෙන් විගණනයට පරික්ෂා කළ නොහැකි බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ මිහිකත ආනයන සහ අපනයන සමාගමින් ලද පාසල් 47510ක් මෙරට පාර්සල් අංශය ඔස්සේ බෙදා හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවද ලක්ෂ විසි හතරකට ආසන්න අලාභයක් සිදුව තිබූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *