Loading...

සංචිත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මස 9.6%කින් වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2024 මාර්තු මස ඩොලර් බිලියන 4.96ක්ව පැවැති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මසදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩි වී ඇති බවයි.

මුල්‍ය හුවමාරු එකඟතාවයක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක්ද ඊට ඇතුළත් බවද ඔවුන්ගේ නිවේදනයේ සඳහන්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *