Loading...

වනිඳු ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ බංග්ලාදේශය සමඟ පැවැති එක්දින තරඟාවලියේ විලුඹේ ආබාධයකට ලක්වූ වනිඳු ප්‍රතිකාර සඳහා යොමුව ඇති බවයි.

මේ හේතුවෙන් ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි තිබෙනවා.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *