Loading...

වාහන ආනයන රේගු බද්දට තවත් අමතර 50%ක බද්දක්

ආනයනය කරන ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පනවනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස 3ක කාලසීමාවක් සඳහා මෙම 50%ක අතිරේක බදු ගාස්තුවක් අය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපානු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *