Loading...

බස් රථ සහ ගොවින් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

අක්කරයක අස්වනු නෙලීම සඳහා ගොවීන්ට ඉන්ධන ලීටර් 15ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20ක් ලබාදෙන බවයි.

මෙම ඉන්ධන ලබා ගැනීම සඳහා QR ක්‍රමවේදය අවශ්‍ය නොවන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර මඟී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් – 360ත් අතර පරාසයක් ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ලබාදෙන බවද ඒ මහතා පැවසුවා.

එම කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ ක්‍රමවේදය සකස් කරන තෙක් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *