Loading...

අමෙරිකානු F-35B ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී F-35B වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

යානය කඩා වැටීමට මොහොතකට පෙර නියමුවා ආරක්ෂිතව ඉන් ඉවතට පැන ඇති අතර, ඔහු සුළු තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරත් සමඟ යානය කඩා වැටුණු ප්‍රදේශයට ආසන්න වනාන්තරයක ගින්නක් ද හටගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *