Loading...

පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ අමෙරිකාව පෙරමුණ ගනී

දින 16ක් පුරා පැරිස් නුවර පැවැති 33 වැනි ඔලිම්පික් උළෙල අද (12) අලුයම අවසන් වුණා.

මෙවර තරඟාවලියට රටවල් 206ක් නියෝජනය කරමින් තරඟකරුවන් 10714ක් සහභාගී වූණා.

2024 ඔලිම්පික් තරඟාවලියේ පදක්කම් සටහනේ අමෙරිකාව පළමු ස්ථානය දිනාගත් අතර චීනය දෙවන දිනාගනු ලැබුවා.

අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝක පදක්කම් 42ක් ඇතුළුව සමස්ථ පදක්කම් 126ක් දිනා ගත් අතර දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝක පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගැනීමට සමත් වුණා.

විචිත්‍රවත් වූ ඔලිම්පික් සමාප්ති උළෙලට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාගාරයට පැමිණියා.

මෙහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශනහට පැවරී තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *