Loading...

අමෙරිකාව සහ ඉරානය රහසිගත සාකච්ඡා පවත්වනවා – නෙතන්යාහුගෙන් චෝදනාවක්

බෙන් ගුරියොන් ගුවන්තොටුපොළ නැවත විවෘත කරයි

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපොළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපොළ නැවත විවෘත කර ඇති බවට විදෙස් වාර්තා වනවා.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීම සමඟ පසුගිය සෙනසුරාදා වසා දැමු බෙන් ගුරියොන් ගුවන්තොටුපොළ දින 5කට පසු මෙලෙස නැවත විවෘත කර තිබෙනවා.

විදේශයන්හි අතරමංව සිටි ඊශ්‍රායල වැසියන් රැගත් පළමු ගුවන් යානය ග්‍රීසියේ ඇතන්ස් නුවර සිට අද (05) උදෑසන බෙන් ගුරියොන් ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති බව සඳහන්.

ගුවන් සීමාව වසා දැමීම නිසා ඊශ්‍රායලට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ඊශ්‍රායල වැසියන් 100000ක් පමණ නැවත රැගෙන ඒමට එරට ගුවන් සේවාවල සහය ලබා ගැනීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලමින් ඊශ්‍රායල ගුවන් සීමාව අදියර කිහිපයකින් විවෘත කිරීමට බලධාරීන් තීරණය කර ඇති බවයි.


අතරමං වූ කටාර් එයාර් වෙතින් සහන ගුවන් වාර කිහිපයක්

කලාපයේ නොසන්සුන්කාරී තත්තවය හේතුවෙන් අතරමංව සිටින මඟීන්ගේ පහසුව උදෙසා ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් ආයතනය තීරණය කර තිබෙනවා.

එම ගුවන් සමාගම විසින් X සටහනක් තබමින් නිල වශයෙන් පැවසුවේ මෙම සහන ගුවන් වාර අද (05) සිට ආරම්භ කෙරෙන බවයි.

මේ අනුව මස්කට් සිට ලන්ඩන්, බර්ලින්, කෝපන්හේගන් වැනි යුරෝපා නගර කිහිපයකටත් සහ රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව තවදුරටත් වසා දමා තිබීම හේතුවෙන් දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ආරම්භ වීමට නියමිතව තිබූ සාමාන්‍ය ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

එම සමාගම වැඩිදුරටත් දන්වා ඇත්තේ සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ගුවන් සීමාව සුරක්ෂිත බව තහවුරු කරන තුරු දෝහා මෙහෙයුම් නැවත ආරම්භ නොකරන බවයි.

එම ගුවන් ගමන් සඳහා නිල දැනුම් දීමක් ලැබෙන තුරු ගුවන් තොටුපොල වෙත නොපැමිණෙන ලෙසද මඟීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


අමෙරිකාව සහ ඉරානය රහසිගත සාකච්ඡා පවත්වනවා – නෙතන්යාහුගෙන් චෝදනාවක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය සහ අමෙරිකාව රහසිගතව සාකච්ඡා පවත්වන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සැකපළ කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තමන්ට හොර රහසේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය ඉරානය සමඟ සටන් විරාමයක් ගැන සාකච්ඡා කරන බවට ඔහුට බුද්ධි තොරතුරක් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ එවැනි කිසිඳු රහසිගත සාකච්ඡාවක් ඉරානය සමඟ සිදු නොකරන බවයි.

මේ අතර ඉරාන බුද්ධි අංශ විසින් අමෙරිකානු CIA ආයතනය අමතා යුද්ධය නැවත්වීම ගැන සාකච්ඡා කිරීමට කැමැත්ත පළකර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *