දිවයිනේ සියළුම පාසල් හෙට (03) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් සංඥා පද්ධතියේ දෝෂ හටගෙන තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බවයි.
බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයට අනුව රත්නපුර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, කෑගල්ල, නුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීම සිදුකර ඇති බව සඳහන්.








Leave a Reply