Loading...

එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට ලක්වෙයි

නිව්යෝර්ක් හි ලාගඩියා ගුවන්තොටුපොළේ දී මඟී ගුවන් යානයක් ගුවන් පථයක් ආසන්නයේ දී ට්‍රක් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් මඟී ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

යානය ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙහිදී යානයේ වේගය අවම මට්ටමක පැවතීම හේතුවෙන් ඉන් සිදුවූ හානි අවම කරගැනීමට හැකිව තිබෙනවා.

අනතුරින් ගුවන් යානයට හානි සිදුව ඇති අතර සිද්ධිය සමඟ නිව්යෝර්ක් ලාගඩියා ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *