ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (02) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟය ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56ක් ද, වනිඳු හසරංග ලකුණු 24ක් රැස් කළා.
සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් ලබා ගනු ලැබුවා.
ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.
කෙසේ වෙතත් එම ආරම්භයට තිත තැබීමට දුනිත් වෙල්ලාලගේ හට හැකි වූණා.
ඒ අනුව පිටියේ ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ශුබ්මන් ගිල් ලකුණු 16කටත් නායක රෝහිට් ෂර්මා ලකුණු 58කටත් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් දීමට සමත් වුණා.
විරාට් කෝලි හට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 24ක් පමණයි.
වොෂින්ටන් සුන්දර් ලකුණු 5ක් පමණක් ලබා සිටියදී දැවී ගිය අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 31 ක් හා මැද පෙල ශක්තිමත් කරමින් අක්සාර් පටෙල් ලකුණු 33 ක් ලබා ගනු ලැබුවා.
ශිවම් ඩූබේ ලකුණු 25කට දැවී ගියා.
ඉන්දීය ඉනිමේ අවසන් පන්ද්ය් 15 තුළදී ඉන්දියාවට ජය ගැනීම සඳහා එක් ලකුණක් පමණක් අවශ්‍ය වූ අතර පිට පිට පන්දු දෙකකදී පිළිවෙලින් ශිවම් ඩුබේ සහ අර්ෂ්දීප් සිං දවා ගනිමින් චරිත් අසලංක ශ්‍රී ලංකා පරාජයෙන් ගලවා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ වනිඳු හසරංග සහ චරිත් අසලංක කඩුලු 3 බැඟින් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක් බිඳ හෙලුවා.
තරඟයේ වීරයා සම්මානය දුනිත් වෙල්ලාලගේ දිනා ගැනීමට සමත් වුණා.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය හෙට (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.








Leave a Reply