Loading...

27 වසරකට පසු ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තුන්වන එක්දින තරඟය ලකුණු 110ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තරඟයේ කාසියේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 249ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන් කලකට පසු ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දීම මෙම තරඟයේ විශේෂත්වයක් වනවා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 89ක සබඳතාවක් ගොඩ නැගු අතර පැතුම් නිස්සංක ලකුණු 45කට දැවී යාමෙන් අනතුරුව එම සබඳතාව බිඳ වැටුණා.

ඉන්පසුව කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සබඳතාවක් ගොඩ නැගූවා.

සිය මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ රියාන් පරාග්ගේ පන්දුවක් හමුවේ අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය අතර ඔහු ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 96ක් ලබා ගෙන සිටියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 59යි.

ඉන්දියාව වෙනුවෙන් රියාන් පරාග් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා.

ලකුණු 250ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26යි 1ක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 138ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 35ක්ද, වොෂින්ටන් සුන්දර් ලකුණු 30ක් ලබා ගැනීමට හැකි වුණා.

ඔවුන් දෙදෙනා හැර ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ කිසිඳු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථා ලබා දුන්නේ නැහැ.

ඉන්දීය මුල් කඩුලු 6 ලකුණු 82ක් තුලදී බිඳ වැටී තිබු අතර තවත් ලකුණු 56ක් එක්වන විට ඔවුන්ගේ ඉනිම අවසන්ව තිබුණා.

ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුනිත් වේල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු එක්දින තරඟයකදී බිඳ දැමූ දෙවැනි කඩුලු 05 අවස්ථාව මෙය වනවා.

මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු දෙක බැඟින් දවා ගනු ලැබුවා.

මෙම තරඟාවලි ජයග්‍රහණය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරඟාවලි ජය ලෙස සැලකෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *