Loading...

වසර 17කට පසු ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස පිටියේ ශූරයන් වෙයි

දාහත් වසරකට පසුව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) සමත් වුණා.

ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත් කරමින්.

බාබෙඩෝස් හිදී පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3 දවා ගනිමින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළා.

මෙවර තරඟාවලිය පුරා අසාර්ථක වූ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි අවසන් තරඟයේ දී ලකුණු 76ක් රැස් කරගනිමින් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් අක්ෂා පටෙල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කරගත්තා.

මේ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් කේෂාව් මහරාජ් සහ ඇන්රික් නෝකියා කඩුලු දෙක බැඟින් දවා ගනු ලැබුවා.

සිය කුළුදුල් ලෝක කුසලානය දිනා ගැනීමේ අරමුණින් ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 169ක් පමණි.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්ව්න්ටන් ඩී කොක් ලකුණු 39ක් රැස් කළා.

ඉන්දියා වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක්ද, ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවා ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *