Loading...

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බවයි.

දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති බවත් පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා.

මේ අනුව දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිත තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

තවද 12 ශ්‍රේණිය සිසු සිසුවියන් වෙනුවෙන් දෙසැම්බර් 6 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මෙම විභාග ද්විත්වයම ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර තුන්වන පාසල වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වනදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළු වැව මහතා පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *