Loading...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා කෙටි කාලයක් තුළදී අහෝසි කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ඔහු මෙහිදී කියා සිටියා.

අමාත්‍යවරයා පැවසුවේ මේ අනුව ඉතා කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය අහෝසි කිරීම සඳහා කටයුතු කරන බවයි.

රජයට පැහැදිලි මහජන බලයක් ලැබී ඇති බවත් මර්දන, නීති, අනපනත් යොදා ආණ්ඩු කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

“මෙතන මන්ත්‍රීවරු කතාවුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන. අපි අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා. මේ වෙනකොට අධිකරණ ඇමතිතුමා කිව්වා වගේම මේ පනත අහෝසි කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ පනත අහෝසි කරනවා. අපි මේ මර්දන, නීති, අණපනත් දාගෙන ආණ්ඩු කරන්න සූදානම් නෑ. අපිට තියෙනවා හොඳ මහජන බලයක්”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *