හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ දී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (03) අළුයම 2.30ට පමණ පැනමා ධජය යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට ප්‍රතිඅපනයනය කිරීම සඳහා පැමිණි වාහන ප්‍රවාහන නෞකාවකට වරායේ ගාල්කර තිබෙන වාහන පැටවීමේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුරුව සිදුව තිබෙනවා.
දැනට අනාවරණය වී ඇත්තේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
කෙසේ නමුත් මෝටර් රථය අද (03) උදෑසන වන තෙක් ගොඩ ගැනීමට හැකියාව ලැබී නැහැ.
Leave a Reply