Loading...

රනිල්ගෙන් චමරිට දුරකථන ඇමතුමක්

දකුණු අප්‍රිකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීයෙක් සඳහන් කළේ කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවයි.

මෙම ත්‍යාග මුදල එම කණ්ඩායමේ සියළු ක්‍රීඩිකාවන් ලැබෙන ආකාරයට ලැබෙන සේ පිරිනැමීමට නියමිතව ඇති බව සඳහන්.

මේ අතර දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරඟාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *