Loading...

දුම්රිය වර්ජකයන්ට රජයෙන් සැර පිළිතුරක්

වර්ජනයේ නිරතව සිටින වෙමින් සේවයට නොකළ වාර්තා සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැර ගියා සේ සලකා” ලිපි නිකුත් කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (11) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදු කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙම ලිපි නිකුත් කළ බවයි.

දුම්රිය සාමාන්යධිකාරිවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මර්දනයෙන් වෘත්තීය සමිති පාලනයට රජය කටයුතු කරනවා නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිඳු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ දුම්රිය සේවකයින් කිසිඳු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදු නොකරන බවයි.

ඒ හේතුවෙන් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *