ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හිදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ.
මේ සම්බන්ධව සොයා බැලීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන්.
ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් මේ වන විට එහි රැඳී සිටින සිටිනවා.
ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මුලික අරමුණ වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Leave a Reply