සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ අප්‍රේල් මස 05 වනදා සිට නානුඔය සිට බදුල්ල දක්වා විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ද ධාවනයේ යෙදවීමට නියමිත බවයි.
“අප්‍රේල් 5 වෙනිදාට ඇල්ල, නයින් ආච්, මේ සංචාරක ආකර්ෂණය ප්‍රදේශ හරහා නව දුම්රිය දෙකක් ධාවනය කරනවා.
එකක් සෑම දිනකම උදෑසන 6.30ට දවසක් ඇර දවසක් සිකුරාදා, ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ලෙස දවසක් හැර දවසක් දුම්රියක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් කරනවා.
ඒ අතර කෙටි දුර ප්‍රමාණය සංචාරක නැරඹුම් මැදිරි සහිත තවත් දුම්රියක් අපේ නානුඔයේ සිට බදුල්ල දක්වා හෝ සංචාරකයින්ට කෙටි දුර ධාවනය කළ හැකි වන ආකාරයට නැරඹුම් මැදිරි සහිත විශේෂ සංචාරක දුම්රියකුත් ආරම්භ වෙනවා.”
Leave a Reply