Loading...

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අද විශේෂ රථවාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (24) උදෑසන 9.30 සිට 11 දක්වා කාලය ඇතුලත කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන බවයි.

තවද අද (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් වසා තැබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

ඊට අමතරව අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගය ද පැයක පමණ කාලසීමාවට වසා තැබීමට නියමිතව තිබෙනවා.

නැවතත් අද (24) රාත්‍රී 7.30න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා දැමීමට නියමිත අතර රාත්‍රී 9.30න් අනතුරුව කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *