Loading...

රටේ ආර්ථිකය ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ වසරේ ආර්ථික වර්ධනය 3%කින් පමණ වැඩි වනු ඇති බවට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “රට මෙන්ම ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය මා බාර ගත්තේ දුෂ්කර මොහොතකයි.

මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා. බයක් සැකක් නැතිව රට බාරගෙන හදන්නට හැකි බවට මට විශ්වාසයක් තිබුණා.

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේ යැයි මා සිතනවා. මේ වන විට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා.

මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසයි.

සියලු අපවාද මැද අප වැල් පාලම තරණය කරන්නට පටන් ගෙන තිබෙනවා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ.

ර⁣ට ගොඩනගන්න නම් කවුරුන් හෝ වෙනසකට මුල පිරිය යුතුව තිබුණා.

මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර තිබෙනවා.

රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙනවා.

දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී තියෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *