Loading...

දුම්රිය මඟීන්ට විශේෂ දැනුම් දීමක්

අද (30) සහ හෙට (31) දිනවලද මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙක් කියා සිටියේ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම ඊට හේතුවී ඇති බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබෙනවා.

මේ හේතුවෙන් අද (30) දිනයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 25ක් අවලංගු වනු ඇති.

කෙසේ නමුත් එළෙඹෙන ඉරිදා රාත්‍රියේ පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *