රන් ඇපකරයක් මඟින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පද්ධතිමය අවදානම් ගොඩනැඟීම අවම කිරීම සඳහා ඔවුන් විසින් එහි සාර්ව විචක්ෂණ අධිකාරියට අනුකූලව මෙම පියවර ගත් බවයි.
ඒ අනුව රන් ඇපකරයක් මඟින් සුරක්ෂිත කර ඇති ණය පහසුකම්වල මෑතකදී ඇති වූ සැලකිය යුතු වර්ධනය සහ එවැනි ප්රවණතා ඉදිරියටත් පැවැතීම මඟින් මුල්‍ය පද්ධතියට ඇතිවිය හැකි බලපෑම ද සැලකිල්ලට ගෙන තිබෙනවා.
මෙම නව තීරණය අද (25) සිට ක්‍රියාත්මක වනු ඇති.
මේ අනුව සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත්වනවා.







Leave a Reply