ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ ඉදිරි ගමන් මඟ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් කණ්ඩායම අද (17) කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.
එම කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ දේවාජිත් සකියා ඇතුළු ICC නියෝජිතයන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව ඇති බව සඳහන්.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ක්‍රිකට් පරිවර්තනීය කමිටුව සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම ගැටළුවක් වනු ඇති බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි පළකර ඇති බව වාර්තා වනවා.
සති අන්ත පුවතක දේශපාලන කොලමයක මේ බව වාර්තා කර ඇත.
මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ හිටපු අමාත්‍ය ජී. එල් පීරිස් මහතා ඇතුළු විපක්ෂයේ පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළකර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා අතීත අත්දැකීම් ද සමඟින් මෙලෙස පවසා ඇති බව සඳහන්.
‘‘අපේ කාලයෙත් ක්‍රිකට් බෝඩ් එකේ ප්රශ්නය වෙලාවේ අයි.සී.සී. එක ආවා. දේශපාලන පක්ෂයක තනතුරක් දරන කෙනෙකුට සභාපති වෙන්න බැහැ කියලා තමයි කීවේ. දැන් ඉරාන් සමගි ජන බලවේගයෙන් ඉවත්වෙලා නැහැ. පක්ෂයෙන් අයින් කළෙත් නැහැ. දැන් අයි.සී.සී. නිලධාරීන් ලබන සතියේ එනවනේ. මොකද කියන්නේ බලමු…’’








Leave a Reply