එළඹෙන මැතිවරණයකදී සන්ධාන ගත වීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
නිදහස් පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දුන්නේ.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.
ඒ අනුව සන්ධානයට ස්ථිර ලකුණක් නම් කිරීම සඳහා ඊට එක්වන පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී එකඟ වී තිබෙනවා.
Leave a Reply