Loading...

ලබන සඳුදා අවුරුදු නැකැත් සීට්ටුව ගැන විශේෂ සාකච්ඡාවක්

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීම සඳහා ලබන සඳුදා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ අවුරුදු නැකැත් සම්බන්ධව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති පසුබිමක අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලිමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (12) බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණි බවයි.

කෙසේ වෙතත් මෙම වසර සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් පොදු එකඟතාවකට එළැඹීමට අවස්ථා 4කදී එම කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවද වාර්තා වනවා.

මේ වන තෙක් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ ජනතාව තුළ අවුරුදු නැකැත් පිළිබඳව අවිනිශ්චිතතාවක් උද්ගත වී ඇති බවත් එම නිසා අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධ සම්පාදනය කිරීමේ සාකච්ඡා ලබන සඳුදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *