සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැති හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ලබන මස 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම නව වැඩපිළිවෙල සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ එකඟත්වය මීට පෙර ලැබී තිබුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ වෙනුවෙන් යොමු කරන බවයි.
තවද උසස් පෙළ පන්ති පැවැත්වෙන නමුත් යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් සිදු නොවන්නේ නම් අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමු කිරීමට ද සැලසුම් කර ඇති බවද එම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.








Leave a Reply