Loading...

වාහන ආයේ ගෙන එක බලන්න විශේෂ කමිටුවක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙරට විදෙස් සංචිත ඉහළ යෑම සමඟ අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

“අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා.

දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත් බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා.

හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ.

පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා.

අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද, මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ. මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා.

අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද, පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ?, අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද ? දැනට නිෂ්ක්‍රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *