Loading...

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් අද (05) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ උත්සව සමයේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යාම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා අමතර බස් රථ 200ක් පමණ ධාවනයට යොදවන බවද එම මණ්ඩලය සඳහන් කළා.

මේ අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ද ලබන 10 වනදා සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ සේවාව යටතේ දෛනිකව විශේෂ දුම්රිය ගමන්වාර 12ක් යෙදවීමට නියමිතයි

මෙම සේවාව ලබන 15 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *