Loading...

කිරිපිටි, කල්කිරි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගිය බවට පළවන වාර්තා ගැන පාරිභෝගික අධිකාරියෙන් විශේෂ නිවේදනයක්!

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

‘BREAKING NEWS’ ලෙස සඳහන් කරමින් මෙම දිනවල සමාජ මාධ්‍ය පුරා හුවමාරු වන අදාළ පුවතේ දැක්වෙන මිල ඉහළ දැමීම් සම්බන්ධ තොරතුරු අසත්‍ය බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

එවැනි තහවුරු නොකළ පුවත් හුවමාරු කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ව්‍යාජ තොරතුරු හේතුවෙන් පාරිභෝගිකයින් අතර අනවශ්‍ය කලබලයක් මෙන්ම වෙළඳපොළ තුළ වැරදි අවබෝධයක් ඇති විය හැකි බවද අවධාරණය කරනවා.

ඕනෑම සැක සහිත මිල ගණන් ඉහළ දැමීමක් හෝ වෙළඳපොළ අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *