Loading...

ඉදිරි විදුලි ගාස්තු සංශෝධන ගැන PUCSL වෙතින් විශේෂ දැනුම් දීමක්

විදුලි ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණය කර තිබෙනවා.

එම කොමිසම පවසන්නේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලන්නේ විදුලි ජනනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බවයි.

පසුගිය ද විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේ දී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවද ඔවුන් මෙහිදී පෙන්වා දෙනවා.

ඒ අනුව ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුළත් නොකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කළ බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *