Loading...

ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවෙක් ලෙස වැඩ කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට බරපතළ චෝදනාවක්

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිදුකරන පරීක්ෂණයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

එරට ‘හෙරල්ඩ් සන්’ විසින් ප්‍රථම වරට වාර්තා පරිදි, වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු කාන්තා ක්‍රිකට් පුහුණුකරු වන දුලිප් සමරවීරට වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවකට විෂමාචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ‘අඛණ්ඩතා දෙපාර්තමේන්තුව’ මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, එම ආයතනය වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයට අනුව නියමිත වේලාවට කටයුතු සිදුවනු ඇති බවයි.

52 හැවිරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර, ඕස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී පුහුණුකරු තනතුරක් දැරීමට නියමිතව සිටි නමුත්, මෙම චෝදනා අනාවරණය වීමත් සමඟ ඔහු එම තනතුරෙන් ඉවත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු දුලිප් සමරවීර ඕස්ට්‍රේලියාවට ගිය අතර, එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග හතකට ක්‍රීඩා කර ඇත.

දුලිප් සමරවීර වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ WBBL හි Melbourne Stars කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළේය.

ඔහු පසුගිය වසරේ වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උසස් කරන ලදී.

52 හැවිරිදි දුලිප් සමරවීර මහතා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෙස විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරු ලෙස කටයුතු කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *