Loading...

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

අමෙරිකාව පවසන්නේ එම නෞකාවලට එල්ලකළ ප්‍රහාරවල වගකීම ඉරානය වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් ඉරානය එම චෝදනා මෙතෙක් පිළිගෙන නැහැ.

එම ප්‍රහාරවලින් නෞකා තුනට හානි සිදුව තිබුණ ද කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉරානයට ලබාදී තිබූ තෙල් අපනයන සම්බාධක සහන ද අමෙරිකාව අවලංගු කර තිබෙනවා.

කටාර් සහ සෞදි අරාබියද නෞකා ප්‍රහාර හෙළා දකිමින් පවසන්නේ තම රටවලට අයත් නෞකාද හානි වී ඇති බවයි.

මේ අතර ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.04ක් දක්වා ඉහළ ගොස් ඇත.

එය 2.27%ක වර්ධනයකි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.78ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2.18%ක වැඩි වීමක් ලෙස වාර්තා වනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.97 ලෙස දැක්වෙන අතර එය සියයට 3.43ක ඉහළ ගොස් තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *