අරගල සිද්ධීන්වලින් පසුව මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකුට ඔවුන් පෙර සේවය කළ පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදෙන බව පොලිස්පතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
මීට අදාළ පෙත්සම් අද (05) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටි අතර ඔහු විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම් දී තිබුණා.
Leave a Reply