අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවීමට නියමිතයි.
දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර තිබෙනවා.
Leave a Reply