මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලබාදුන් බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වටවල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මෙම බෝම්බ බිය හේතුවෙන් අද (02) දින විභාග කිරීමට නියමිතව තිබු සියලු නඩු කටයුතු ජුලි මස 16 වනදා දක්වා කල් තබා ඇති බව සඳහන්.
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බව අද (02) පෙරවරු 10.00ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට 119ට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් පොලීසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් කළ ද බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව තිබුණේ නැහැ.
Leave a Reply